Free Download Games

Monday, August 25, 2014

Vijaya and Sri Lanka

  විජය කුමරු අපට ආගන්තුකයෙක් පමණි...............................                              
ලංකාවේ ඉකිහාසය පිළිබද කතා කිරීමේ දී ප්‍රධාන සංදිස්තානයක් ලෙස සැලකෙන්නේ විජය කතා පුවතයි.විජය කතා පුවත පිලිබද මබ තුළ වැරදි වැටහීමක් ඇත් නම් එය නැති කිරීම මාගේ මේ ලිපියෙන් සිදු වේ යැයි සිතමි.සමහර විටක ඔබ සිතන්නේ විජය කුමරුගේ පැමිණීමෙන් පසු අපේ රට ශිෂ්ටාචාරවත් වූවා යැයි විය හැකියගඔබ එලෙස සිතන්නේ නම් එය ඔබටම සිදු කරන නින්දාවක් විය හැකිය.මන්ද යත් විජය කුමරු යනු ඉන්දියාවේ ලාට රටේ රජුගේ පුත් වගේ ම එම  ප්‍ර දේශයේ සිටි සොරෙක් මෙන් ම රජු හට පාලනය කල නොහැකි වූ පුද්ගලයෙක් වීය.ඔහුව එයින් පලවා හැරියේ ද ඔහුගේ නොමනා ක්‍රියා කලාපය නිසා ය.එලෙස මුහුද ඔස්සේ ඔවුහු පැමිණෙන විට දී අවසානයේ දී ලක්දිවට ගොඩබටහ.එලෙස ලක්දිවට පැමිණි ඔවුන් හට මුණ ගැසුනේ කුවේණියව යි.කුවේණිය ව මුණගැසෙද්දී ඇය කපු කටිමින් සිටියා ය.මෙහිදී අපහට පැහැදිළි වන්නේ ලංකාව තුල රෙදි පිලි කර්මාන්ත්ය පැවති බව ය.එසේ නම් රෙදි පිළි මසා ගෙන අදින්නට හැකියාව ලත් සමාජයක් විජය පැමිණීමටත් පෙර තිබූ බව ය.
                                                     එමෙන් ම බුදු රදුන් මෙරට ට වැඩි බව දනිමු.එලෙස මෙරට ට පැමිණීමට එක් හේතුවක් වූයේ නා රජවරුන් දෙපළක් අතර මැණික් පුටුවක් සම්බන්ධ ව ඇතිවූ ආරවුලක් විසදීමයි.මෙය සිදු වූයේ විජය පැමිණිමට පෙර ය.එලෙස මැණික් ඔබ්බවා පුටුවක් සෑදීමට තරම් දියුණු ශිෂ්ටාචාරයක් විජය පැමිණීමට පෙර තිබුණි.එයින් අපට පැහැදිළි වන්නේ විජය පැමිණීමට ත් පෙර අප ශිෂ්ටාචාරවත් වූ බවයි.මා මේ සදහන් කළේ කරුණු 2 ක් පමණි.තවත් කරුණු බොහෝමය.එබැවින් විජය යනු අප හට ආගන්තුකයෙක් පමණි..........................................Malith Achintha Kodikara
  

No comments:

Post a Comment